කොරියාවට ‘කේ පොප්’ – ජපානයට ‘ජේ පොප්’

ඉන්දියාවට 'අයි පොප්' - සංගීතයෙන් ලෝකය හොල්ලන්න යන ඉන්දියාවේ ගර්ල් බෑන්ඩ් එක

කොරියාවට ‘කේ පොප්’ – ජපානයට ‘ජේ පොප්’

සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්නේ..

සංගීතයෙන් ලෝකයම හොල්ලන්න පුලුවන්..

කාලෙන් කාලෙට ලෝකයේ විවිධ සංගීත කණ්ඩායම්, ගායකයින් සහ ගායිකාවන් බිහිවෙනවා.

මෑත කාලීනව ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ දකුණු කොරියාවේ ‘කේ පොප්’ සහ ජපානයේ ‘ජෙ පොප්’ කියලා හඳුන්වන්න පුළුවන්.

ඒ දෙකටම අභියෝගයක් වෙන්න අලුතින් එන නව පොප් කණ්ඩායමක් ගැනයි මේ හෙළිදරව්ව..

ශ්‍රී ලංකාවේ අසල්වැසි රට ඉන්දියාවෙන් තමයි මේ නව පොප් කණ්ඩායම ගැන අනාවරණය වන්නේ.

මේ ඉන්දියාවේ ‘අයි පොප්’ ගැන කතා බහක්…

‘I-pop’ වලටත් ගෝලීය ප්‍රස්ථාර අත්පත් කර ගැනීමට හැකි වෙයිද?

BBC

‘විශ්’ නමින් හඳුන්වන්න මෙම පොප් කණ්ඩායමේ සාමාජිකයින් හතරදෙනෙක් ඉන්නවා.

එහි විශේෂත්වය මොකක්ද දන්නවද?

‘විෂ්’ නමැති මෙම සංගීත කණ්ඩායම සොදුරු යුවතියන් සිවුදෙනකුගෙන් සැදුම් ලද්දක් වීමයි.

ඉතින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින් ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බවයි.

ඉන්දීය යුවතියන්ගෙන් පමණක් සමන්විත සංගීත කණ්ඩායමක් මේ අයුරින් කරළියට පිවිසෙන්නේ වසර 20 කට පමණ පසුව වීමද විශේෂත්වයක්.

‘රී, සෝ, සිම් සහ සුචී’ යනු ‘විෂ්’ සංගීත කණ්ඩායමේ සාමාජිකාවන් සිවුදෙනා වනවා.

‘විෂ්’ යනු කෙටි වදනින් අර්ථ ගැන්වෙන්නේ ‘වර්ල්ඩ්ඉඩ්න්කා ස්ටේජ් හේ’ (ලෝකය ඔවුන්ගේ වේදිකාවයි) යන අදහසයි.

කණ්ඩායම නිර්මාණය කර ඇත්තේ සෝනි මියුසික් එන්ටර්ටේන්මන්ට් යටතේ සංගීත නිෂ්පාදක ‘මිකී මැක්ක්ලැරියි’.

ඉතින් ඉන්දියාවේ ‘විෂ්’ නමැති ‘අයි පොප්’ කණ්ඩායමට සංගීතයෙන් ලෝකයම හොල්ලන්න ලැබේවා කියලා අසල්වැසියන් ලෙස අපිත් ප්‍රාර්ථනා කරමු.

BBC

Share This