පුංචි ඡන්දයට ඇප මුදල් භාරගැනීම අද සිට

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඇප මුදල් තැන්පත් භාර ගැනීම අද (03) සිට ලබන 19 වැනිදා මධ්‍යහ්න 12.00 දක්වා භාරගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ, එම කාලය තුළ පෝය, සෙනසුරාදා සහ ඉරිදා දනවල ඇප තැන්පත් භාරගැනීමක් සිදු නොකරන බවයි.
එමෙන්ම මාර්තු 17 වැනිදා සිට මාර්තු 20 වැනිදා මධ්‍ය්හන 12.00ට නාම යෝජනා භාරගැනීමට සැලැසුම් කර තිබෙනවා.
ඒ ඒ තේරීම්භාර නිලධාරී, දිස්ත්‍රික් ලේකම් හෝ දිසාපති කාර්යාලවලදී නාමයෝජනා භාරගැනීම සිදු කෙරෙනු ඇති.
මෙම මැතිවරණයෙන් පළාත් පාලන ආයතන 336ක නියෝජිතයින් පත් කරගැනීම අපේක්ෂා කෙරෙනවා.
එහිදී මහ නගර සභා 28ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 272ක් සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති, නියෝජ්‍ය සභාපති සහ සභිකයන් තෝරා පත් කරගැනීමට නියමිතයි.
අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුනෙයි මහ නගර සභාව සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව, මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාර ප්‍රාදේශීය සභාව, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනගරි ප්‍රාදේශීය සභාව හා ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටි ප්‍රාදේශී සභාව යන පළාත් පාලන ආයතන සඳහා නාමයෝජනා භාර නොගන්නා බවයි, මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.