පෙබරවාරි මාසයේ උද්ධමනය ප්‍රකාශයට

පෙබරවාරි මාසය සඳහා වන කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින්.
ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2025 පෙබරවාරි මාසය සඳහා -4.2% ක් දක්වා අඩු වී ඇති බව සඳහන්.
එය 2025 ජනවාරි මාසය සඳහා -4.0% ක් ලෙස වාර්තා වුණා. පෙබරවාරි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය -0.2% දක්වා වැඩි වී ඇති අතර 2025 ජනවාරි මාසයේ දී එය වාර්තා වූයේ -2.6% ක් ලෙසින්.
එමෙන්ම, 2025 පෙබරවාරි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය -6.1% ක් දක්වා අඩු වී ඇති අතර එය 2025 ජනවාරි මාසයේ දී -4.7% ක් ලෙසයි දැක්වෙන්නේ.