වික්‍රාන්ත් මෙසී සිනමාවට සමුදෙයි – ”ඔබගේ නොමැකෙන සහයෝගයට ස්තූතිවන්ත වෙමි”

වික්‍රාන්ත් මෙසී සිනමාවට සමුදෙයි – ”ඔබගේ නොමැකෙන සහයෝගයට ස්තූතිවන්ත වෙමි”

බොලිවුඩයේ ජනප්‍රිය නළුවෙක් වන වික්‍රාන්ත් මෙසී (Vikrant Massey) සිනමාවට සමුදෙන බව නිවේදනය කරලා.

මෑතකාලීනව ඔහු අතිශය කතාබහට ලක්වුණේ, ’12th Fail’ සිනමාපටය එක්ක.

තමන් සිනමාවෙන් සමුගන්නා බව නිවේදනය කරමින් වික්‍රාන්ත් සඳහන් කරලා තිබුණා, මෙතෙක් තමන් පැමිණි ගමනට ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් හැමෝටම ස්තූතිවන්ත වන බවත්.

”පසුගිය වසර කිහිපය අතිවිශිෂ්ටයි.

ඔබගේ නොමැකෙන සහයෝගයට, මම ඔබ සෑම කෙනෙකුටම ස්තූතිවන්ත වෙමි.

නමුත් ඉදිරියට, ආපසු නිවසට යාමට කාලය බව මට වැටහේ.

ඒ සැමියෙකු, පියෙකු සහ පුතෙකු ලෙස. ඒ වගේම නළුවෙක් විදියට.

ඉතින් 2025 එනකොට අපි අන්තිම වතාවට මුණගැහෙමු.

නැවතත් ස්තුතියි.

සදා ණයගැතියි”

Monara

තවමත් 37 වැනි වියෙහි පසුවන වික්‍රාන්ත් මෙසී 12th Fail, Haseen Dilruba, Sector 36 වැනි ජනප්‍රිය චිත්‍රපට කිහිපයකටම සිය රංගන දායකත්වය ලබාදුන්නා.

මේ වන විට ඔහු රංගනයෙන් දායක වන Yaar Jigri සහ Aankhon Ki Gustaakhiyan යන චිත්‍රපට දෙකක රූගත කිරීම් සිදුකෙරෙනවා.

වික්‍රාන්ත් ක්ෂේත්‍රයට පිවිසෙන්නෙ රූපවාහිනිය තුළින්.

ඒ, Dhoom Machaao Dhoom (2007) කතා මාලාවත් එක්ක.

අනතුරුව ඔහු Dharam Veer (2008), Balika Vadhu (2009-2010) සහ Qubool Hai (2013) වැනි රූපවාහිනී කතාමාලා කිහිපයකින්ම ජනප්‍රිය තරුවක් බවට පත්වුණා.

ඉන් පසුව Lootera (2013), Dil Dhadakne Do (2015) සහ Half Girlfriend (2017) යන චිත්‍රපටවල සහය භූමිකාවන් සමඟ වික්‍රාන්ත්ගේ ගමන චිත්‍රපට දක්වා ව්‍යාප්ත වෙනවා.

වික්‍රාන්ත් ප්‍රධාන චරිතයක් රඟපෑ A Death in the Gunj (2017) ඔහුගේ වෘත්තීය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් කිව්වොත් හරි.

2023 දී මනෝජ් කුමාර් ෂර්මාගේ චරිතාපදාන චිත්‍රපටය වන ’12th Fail’ හි ප්‍රධාන චරිතය නිරූපණය කිරීම තුළින්, මෑත කාලීනව වික්‍රාන්ත් මෙසී කියන චරිතය අතිශය කතාබහට ලක්වුණා.

ඒ විතරක් නෙවෙයි, ඊට ඔහු හොඳම නළුවා සඳහා වන Filmfare විචාරක සම්මානයත් දිනාගන්නවා.

Share This