ග්‍රහලෝක හතනේ පහක් පියවී ඇසෙන් බලන්න පුළුවන්

ග්‍රහලෝක හතනේ පහක් පියවී ඇසෙන් බලන්න පුළුවන්

ග්‍රහලෝක 07 කින් 05ක්ම අද  (28) දිනයේදී පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට හැකි බව තාරකා විද්‍යා මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

මෙම ග්‍රහලෝක පස්වරු 6.30 සිට පස්වරු  7.10 දක්වා  කාලය තුළදී ඉන් ග්‍රහලෝක 05ක් පියවි ඇසින්  නිරීක්ෂණය  වන බවත් අනෙකුත් ග්‍රහලෝක 02  දුරේක්ෂයක් මගින් නැරඹිය යුතු බවත්  මහාචාර්යවරයා පැවසීය.

තවද මේ ආකාරයෙන්  නැවත ග්‍රහලෝක 07 දැකබලා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ  2040 වසරේදී බව  එම  මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

– චන්දන ලක්මාල්

Share This