ජනාධිපති කොමිෂන් සභා සඳහා රුපියල් ලක්ෂ 5321ක් වැය කරලා

ජනාධිපති කොමිෂන් සභා සඳහා රුපියල් ලක්ෂ 5321ක් වැය කරලා

(මුදිතා දයානන්ද , නිශාන්ත කුමාර බණ්ඩාර)

හිටපු ජනාධිපති ගෝඨභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරුන් විසින් ජනාධිපති කොමිෂන් සභා 14ක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 5321ක් වැය කර ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජනමාද්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී  පවසයි.

රාජ්‍ය දෙපොළ අවභාවිතාව සම්බන්ධයෙන් සොයා බැලීමට පක් කළ ජනාධිපති කොමිෂමට පමණක් ලක්ෂ 662ක් අධික මුදලක් වැය කර ඇති නමුත් එම කොමිෂමේ නිර්දේශ කිසිවක් ක්‍රියාවට නගා නැතයිද අවසානයේ ඒ සඳහා කල ජනතා බදු මුදල් අවභාවිතාව පිළිබඳව සොයා බැලීමට තවත් කොමිසමක් පත් කරන්නට සිදුව ඇති බවද
අමාත්‍යවරයා මේ බව පැවසූයේ 2025 අය වැය යටතේ ජනාධිපති හා අගමැති වැය ශිර්ෂ පිළිබඳ විවාදයට එක් වෙමිනි.

අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිෂමට රුපිය්ල ලක්ෂ 144ක්ද, දූෂන විරෝධී කාර්යාලය ගැන සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමට ලක්ෂ 350ක්ද, 2015-19 කාලයේ දේශපාලන පලිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමට ලක්ෂ 842ක්ද , පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ කොමිසමට රුපියල් 1063ක්ද වැය කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

මේ කොමිෂන් සබා අතරින් අතිබහුතරයක නිර්දේශ ක්‍රියාත්මක කර නැති බවද වඩාත් වේගවත්ව ක්‍රියාත්මක වී තිබෙන්නේ 2022 මැයි 09 වැනිදා සිට ජුලි 09 වැනිදා දක්වා කාලය තුළ කලහකාරි කණ්ඩායම් විසින් මැති ඇමතිවරුන්ගේ නිවාසවලට හා දේපොලවලට සිදුකළ හානිවලට වන්දි ගෙවීම පමණක් බවද අමාත්‍යරයා පවසයි.

Share This