මාස අටක වැටුප අරන් ඉල්ලා අස්වෙන්න
ට්‍රම්ප් මිලියන සංඛ්‍යාත ෆෙඩරල් සේවකයින්ට දැනුම් දෙයි
මාස අටක සම්පූර්ණ පඩිය ගෙන ඉල්ලා අස්වන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලුම ෆෙඩරල් සේවකයින්ට දැනුම් දී තිබෙනවා.
ලබන පෙබරවාරි 6 වන දිනට පෙර තම සේවය පිළිබඳව සේවකයින් තීරණය කළ යුතු බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
මෙය අමෙරිකා එක්සත් ජනපද රජය හැකිලීමට නිර්මාණය කර ඇති ප්‍රධාන පියවරක් බව විචාරකයන් පවසනවා.
ජනපති ට්‍රම්ප් මිලියන සංඛ්‍යාත සේවකයින්ට දැනුම් දී ඇත්තේ, ඔවුන් තම රැකියාවෙන් ඉවත් වීමට එකඟ වුවහොත්, ඔවුන්ට මාස අටක පමණ වැටුපක් වෙන් කිරීමේ පැකේජයක් ලෙස ලැබෙනු ඇති බවයි.
ට්‍රම්ප් පරිපාලනය රජයේ සේවකයින්ගෙන් 10% ක් දක්වා හෝ ෆෙඩරල් රජය සේවයේ යොදවා ඇති මිලියන දෙකකට අධික සේවකයින්ගෙන් 200,000 ක් පමණ මෙම දීමනාව පිළිගනු ඇතැයි අපේක්ෂා කරන බව බීබීසීය පවසනවා.
මෙලෙස සේවකයින් ලක්ෂ 02 ක් පමණ දීමනාවක් දී ඉවත් කිරීම හරහා රජයට ඩොලර් බිලියන 100 (පවුම් බිලියන 80) දක්වා මුදල් ඉතිරි කර ගත හැකි බවයි ට්‍රම්ප්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අමෙරිකා එක්සත් ජනපද මාධ්‍යයට පවසා ඇත්තේ.
මෙම ගනුදෙනුව පිළිගැනීමට කැමති සේවකයින් “ඉල්ලා අස්වීම” යන විෂය රේඛාව යටතේ විද්‍යුත් තැපෑලට පිළිතුරු දිය යුතු බවත් එලෙස කැමැත්ත පළ කරන සේවකයින්ට සැප්තැම්බර් 30 දක්වා වැටුප් සහ ප්රතිලාභ යන දෙකම ඇතුළත් බවත් ට්‍රම්ප් පරිපාලනය දැනුම් දෙනවා.