ලෝකයේ තියෙන භයානකම ෆෑන් බේස් එක ‘Sasaeng’ලා ගැන ඔබ දන්නවද?
මේ ෆෑන්ස්ලා නම් Idols ට මානසික වදයක්..
ලෝකයේ තියෙන භයානකම ෆෑන් බේස් එකක් ලෙස හඳුන්වන ‘Sasaeng’ලා ගැන ඔබ දන්නවද?
ඇත්තටම මේ ‘Sasaeng’ ලා කියන්නේ කවුද?
ශ්‍රී ලංකාවෙන් එපිට Drama, Films, Actors, Actressලා Idols ඇතුළු ජනප්‍රිය නිර්මාණ සහ පුද්ගලයින් ගැන ඉන්ට්‍රස්ට් එකක් තියන ඔයා දැනටමත් දන්නවා ඇති මේ ‘Sasaeng’ ලා කියන්නේ කවුද කියලා..
ඒත් බහුතරයක් මේ ‘Sasaeng’ ලා කියන්නේ කවුද කියලා දන්නේ නැහැ..
‘Sasaeng’ එහෙමත් නැත්තම් ‘Sasaengpaen’ කියන්නේ කොරියානු වචනයක්.
එය, ගායික ගායිකාවන්, නර්තන ශිල්පින්, රංගන ශිල්පීන් ඇතුළු වෙනත් කේෂ්ත්‍රවල ජනප්‍රිය පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වය ආක්‍රමණය කරන ආකාරයෙන් ක්‍රියා කරන උමතු රසිකයෙකු සඳහා වන දකුණු කොරියානු යෙදවුමක්.
sa (사; 私) “පුද්ගලික” සහ saeng (생; 生) “ජීවිතය” කියන කොරියානු වචන දෙකෙන් එකතු වී සෑදෙන පදය Sasaeng වනවා.
ඔවුන් ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ පෞද්ගලික ජීවිතය ආක්‍රමණය කරන රසිකයන් පිරිසක් ලෙස හැඳින්වෙන අතර තවත් ආකාරයෙන් කිව්වොත් ඔවුන් Toxic, Haters, භයානක සහ උමතු ලෙස හැසිරෙන ෆෑන් බේස් එකක් ලෙස හඳුන්වන්න පුලුවන්.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ලෝකයේ මේ වගේ උමතු ෆෑන් බේස් එකක් තියෙන්නේ දකුණු කොරියාවේ කියලා තමයි කියන්නේ..
ඊට අමතරව චීනය, ජපානය, තායිලන්තය, තායිවානය වගේ රටවල්වලත් මේ වගේ මේ ‘Sasaeng’ ලා ලෙසින් හඳුන්වන ෆෑන් බේස් එකක් තියනවා කියලා වාර්තා වනවා..
එයාලා හෙන toxic කට්ටියක්..
මේ අය නිසා සමහරක් Idolsලට Actors/ Actressලට කරදරත් වෙලා තියෙනවා..
Sasaeng කියන Toxic ෆෑන් බේස් එක ගැන මුලින්ම වාර්තා වෙලා තියෙන්නේ 1990 වසරේදීයි.
කෙසේ වෙතත් මේ වනවිට එම Toxic ෆෑන් බේස් එක වඩාත් ව්‍යාප්ත වෙලා තියෙනවා..
ඒ කියන්නේ මේ වනවිට ‘ජනප්‍රිය කොරියානු කීර්තිමත් පුද්ගලයින්ට’ sasaeng රසිකයින් 500ත් 1,000ත් අතර ප්‍රමාණයක් සිටිය හැකි බවට පුරෝකථනය කර තිබෙනවා.
Sasaeng ලා හිතන් ඉන්නේ තමන් කැමති Idols/ Actors/ Actressලා ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයින් (Celebrities) ලා ඉන්න ඕන, එහෙමත් නැත්තම් කරන්න ඕන එයාලා කියන දේ කියලා..
නිකමට හරි එයාලගේ මතෙන් පිට මොකක් හරි දෙයක් වෙනවනම් මේ Sasaeng ලා Idols/ Actors/ Actressලා ඇතුළු ජනප්‍රිය පුද්ගලයින්ට කරදර වෙන ආකාරයෙන් හැසිරෙනවා..
ඔවුන් Follow කරනවා.. ( ඒක, Insta, Fb වලින් Follow කිරිල්ලක් නෙමෙයි)
එයාලා තමන් ආස ප්‍රසිද්ධ පස්සෙන් ගිහින් ඒ අයගේ පෞද්ගලික ජීවිතයට අතිශය බාධා කරනවා…
කොටින්ම කියනවා නම් Sasaeng ලා කියන්නේ දඩබ්බර හැසිරීම් ප්‍රදර්ශනය කරන, සිය ආධිපත්‍ය පතුරුවා හරින මානසික ලෙඩ්ඩු වගේ පිරිසකට..
Sasaeng රසිකයින් බොහෝ විට වයස අවුරුදු 13 සිට 22 යන වයස්වල පසුවන කාන්තාවන් ලෙස විස්තර කර ඇති අතර, ඇතැම් අවස්ථාවලදී ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ අවධානය දිනා ගැනීම සඳහා ඔවුන් දේශසීමා අපරාධ ක්‍රියාවන් සිදු කිරීමට ද පෙළඹෙනවා කියලා තමයි කියන්නේ..
ඔවුන් ප්‍රසිද්ධ පුද්ගලයන් නවාතැන් ගෙන සිටින ස්ථාන සොයාගෙන ගොස් බලපෑම් කිරීම, බොරු කටකතා පතුරුවා හැරීම, ඔවුන්ගේ පෞද්ගලික දේවල් හෝ තොරතුරු සොරකම් කිරීම, පවුලේ සාමාජිකයන්ට හිරිහැර කිරීම, යට ඇඳුම් වැනි තෑගි යැවීම, අත පය කපාගත් පින්තූර, ලේ වලින් ලියූ ලියුම්, සියදිවි නසාගන්නා බවට තර්ජන ඇතුළු දරුණු ක්‍රියාවන් සිදුකරනවා කියලා තමයි වාර්තා වන්නේ..
කෙසේ වෙතත් මෙවැනි උමතු ගණයේ ෆෑන් බේස් ව්‍යාප්තියක් මේ වනවිට ලෝකයම ආක්‍රමණය කරගෙන යන බවට අනාවරණ වී ඇති අතර ඇතැම් විට යුරෝපීය රටවලද මෙවැනි ආකාරයේ දරුණු වර්ගයේ රසිකයින් පිළිබඳ වාර්තා වනවා..
මොවුන් ජනප්‍රිය පුද්ගලයින්ගේ කටයුතුවලට නිරන්තරයෙන් බාධා එල්ල කරන පිරිසක්.
මොවුන්ගේ ඇතැම් හැසිරීම් හේතුවෙන් එම ප්‍රසිද්ධ පුද්ගලයින් ඉතා වෙහෙස වී ගොඩනඟාගත් ඔවුන්ගේ ප්රතිරූපයද බිඳ වැටෙන අවස්ථා තියනවා..
මෙවැනි ක්‍රියා හේතුවෙන් කලාකරුවන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයින් මානසිකව පීඩා විඳින බවද සඳහන්..
හිතන්න පුලුවන් ද ලෝකයේ මේ වගේ ෆෑන් බේස් එකක් තියෙනවා කියලා.. (මේක නම් පිස්සුවක්)
Addict වෙනයි උමතුව වෙනයි..
කිසිම පුද්ගලයෙකුට ‘Sasaeng’ ලා වගේ ෆෑන් බේස් එකක් නම් ලැබෙන්න එපා කියලා තමයි ප්‍රාර්ථනා කරන්න ඕන…