එංගලන්තයට ලකුණු 26ක ජයක්
ඉන්දියාව සමඟ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 26කින් ජයගැනීමට සංචාරක එංගන්ත කණ්ඩායම සමත් වුණා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 171ක්.
එහිදී බෙන් ඩකේට් ලකුණු 51ක් සහ ලයිම් ලිවිංග්ස්ටන් ලකුණු 43ක් ලබාගත්තා.
පන්දුයැවීමේදී වරුන් චක්‍රවර්ති ලකුණු 24කට කඩුලු 05ක් බිඳ හෙළීමටයි සමත් වුණේ.
ජයග්‍රහණය සඳහා ලකුණු 172ක ඉලක්කයක් හඹා ගිය ඉන්දිය කණ්ඩායමට කඩුලු 09ක් දැවි ලබාගැනීමට හැකි වූයේ ලකුණු 145ක් පමණයි.
එහිදී හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 40ක් සහ අබිශේක් ශර්මා ලකුණු 24ක් ලබාගත්තා.
පන්දුයැවීමේදී ජිමි ඔවර්ටොන් කඩුලු 03ක් බිඳහෙළුවා. තරගය පැවැත්වුණේ, රාජ්කෝට්හිදීයි.