රාජ්‍ය ආයතනවල මෑන්පවර් සේවකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂාවට කැබිනට් අනුමැතිය

රාජ්‍ය ආයතනවල මෑන්පවර් සේවකයින් බඳවා ගැනීම නියාමනය කිරීමට සහ ඔවුන්ගේ කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

බොහෝ රාජ්‍ය ආයතන ස්ථිර සේවකයින් වෙනුවට මෑන්පවර් ආයතන හරහා තාවකාලික සේවකයින් යොදා ගැනීම වැඩි වී ඇති අතර, ඇතැම් අය දිගු කාලයක් එකම ආයතනයක සේවය කර තිබෙන බව සඳහන්.

එහෙත් ඔවුන් ස්ථිර සේවකයින් කරන රාජකාරිම කළත්, රැකියා සුරක්ෂිතතාව සහ සමාන වරප්‍රසාද නොලැබෙන බව හඳුනාගෙන ඇත.

ඒ අනුව, මෑන්පවර් සේවකයින්ට අගතියක් නොවන ආකාරයට නීති සංශෝධනය කිරීම සහ අවශ්‍ය පියවර ගැනීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.

Share This