ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංඛ්‍යාලේඛන සහ තොරතුරු රැස් කිරීම පිළිබඳ රීති සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය
ශ්‍රී ලංකා මහ බැංකුවට තමන්ගේ වැඩ කරගෙන යන්න බාහිර පාර්ශ්ව වලින් විවිධ තොරතුරු සහ සංඛ්‍යාලේඛන එකතු කරගන්න ඕන වෙනවා.
2023 මහ බැංකු පනතට අනුව, ඒ තොරතුරු කොහොමද දෙන්න ඕනේ, කවුද දෙන්න ඕනේ, ඒවා රහස් තියාගන්නෙ කොහොමද කියන එකත්, නීති කඩ කළොත් ගන්න පුළුවන් පියවරත් ගැන නියමයන් හදලා තියෙනවා.
ඒ අනුව, 2026ට අදාලව මේ තොරතුරු එකතු කරන නීති (රීති) ගැසට් එකක් හරහා දැනටමත් ප්‍රකාශයට පත් කරලා තියෙනවා.
ඒ රීති පාර්ලිමේන්තුවෙන් අනුමත කරගන්න, ජනාධිපතිතුමා (මුදල් අමාත්‍ය ලෙස) ගෙනා
පු යෝජනාව කැබිනට් එකෙන් අනුමත කරලා තියෙනවා.
