ශ්‍රී පාදස්ථානයට කේබල් කාර් දාන්න සැලසුමක්

රජය දැන් ශ්‍රී පාදස්ථානය වගේ ජනප්‍රිය සංචාරක ස්ථාන කිහිපයකට කේබල් කාර් (Cable Car) දාන්න සැලසුම් කරලා තියෙනවා. මේ ගැන සාකච්ඡා වෙලා තියෙන්නේ අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී.

ඇත්තටම, කාලයක් තිස්සේම ශ්‍රී පාදයට කේබල් කාර් එකක් දාන්න කියලා ඉල්ලීම් තිබුණා. ඒ වගේම කිකිළියාමාන, ඇල්ල වගේ තැන්වලත් ඒ වගේ ව්‍යාපෘති කරන්න පුළුවන් කියලා හඳුනාගෙන තියෙනවා. දැන් ඒවා කරන්න පුළුවන්ද කියලා (feasibility) හොයලා, අවශ්‍ය අවසර ගන්න වැඩත් පටන් ගන්න යන්නේ.

ඒකට අමතරව,
මැයි 25 ඉඳලා රටවල් 40කට free visa දෙන එක ගැනත් කතා කරලා තියෙනවා. ඒකෙන් සංචාරකයෝ වැඩි වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

යාල ඇතුළු වනෝද්‍යාන 19ක වැසිකිලි සහ සනීපාරක්ෂක පහසුකම් හදන්නත් වැඩ කරගෙන යනවා. ඒවා maintain කරන්න private company එකකටත් දීලා තියෙනවා. තව අලුත් පහසුකම් දාන්නත් සැලසුම් තියෙනවා.

කොල්ලුපිටියෙන් මුහුදුබඩට ලගින් tourist zone එකක් හදන්නත් කතා වෙලා තියෙනවා. ඒකෙන් දිනකට 2000–3000ක් වගේ සංචාරකයෝ ඇදගන්න පුළුවන් කියලා හිතනවා.

Share This