වෙසක් සතියේ පාසල්, අධ්‍යාපන ආයතනවල ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් ගැන දැනුම්දීමක්

රාජ්‍ය වෙසක් උත්සවයත් එක්ක “වෙසක් සතිය” නිමිත්තෙන් පාසල්, විද්‍යාපීඨ, පිරිවෙන්, ගුරු විද්‍යාල වල කරන්න තියෙන වැඩසටහන් ගැන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා.

ඒ චක්‍රලේඛයෙන් කියලා තියෙන්නේ, මැයි 26 ඉඳන් ජූනි 02 වෙනකන් මේ වැඩසටහන් ඒ ආයතන වල සංවිධානය කරන්න කියලා.

ඒත් එක්කම, 2026 මැයි 30ට යෙදෙන වෙසක් දිනය වෙනුවෙන් රාජ්‍ය වෙසක් උත්සවය මැයි 27ට මාතර තිහගොඩ, මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේ තියන්නත් සැලසුම් කරලා තියෙනවා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව එකතුවෙන්.

ඉතින්, මේ වැඩසටහන් කරන්න කොහොමද කියලා උපදෙස් ටිකත් අමාත්‍යාංශයෙන් දීලා තියෙනවා, ඒකට ආදර්ශ සැලැස්මකුත් දීලා තියෙනවා.

ඒ අනුව, තමන්ගේ පාසල් හෝ ආයතනයට ගැළපෙන විදිහට මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න කියලා අමාත්‍යාංශ ලේකම්වරයා කියලා තියෙනවා.

Share This