මහනුවර ජාතික රෝහලට රුපියල් මිලියන 425ක් වටිනා අධිතාක්ෂණික යන්ත‍්‍ර දෙකක්
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය සේවාව වැඩි දියුණු කරන්න කරගෙන යන වැඩපිළිවෙල යටතේ, රුපියල් මිලියන 425ක් වියදම් කරලා මහනුවර ජාතික රෝහලට අලුත් අධි තාක්ෂණික යන්ත්‍ර දෙකක් දීලා තියෙනවා. මේවා පසුගිය දවස්වල ජනතාවට භාවිතා කරන්නත් විවෘත කරලා තියෙනවා.
ඒකෙන් එකක් තමයි ESWL කියන යන්ත්‍රය. මේකෙන් මූත්‍රා පද්ධතියේ ගල් (stones) තියෙන අයට ශල්‍යකර්මයක් නැතුව, අතිධ්වනි තරංග භාවිතා කරලා ඒ ගල් කුඩා කැබලි වලට කඩලා, මූත්‍රාත් එක්ක පිටවෙන්න සලස්වනවා. මේ යන්ත්‍රය රුපියල් මිලියන 208ක් වටිනවා.
කලින් තිබ්බ යන්ත්‍රය අක්‍රිවෙලා තිබ්බ නිසා, ඒ ප්‍රතිකාර ටික කාලෙකට නතර වෙලා තිබුණා. ඒත් දැන් මේ අලුත් යන්ත්‍රයත් එක්ක ඒ සේවාව ආයෙත් හොඳට සහ ආරක්ෂිතව කරගන්න පුළුවන් වෙලා තියෙනවා.
අනිත් යන්ත්‍රය තමයි Digital Subtraction Angiography (DSA) කියන එක. මේක රුපියල් මිලියන 217ක් වටින නවීන ඩිජිටල් යන්ත්‍රයක්. මේකෙන් රුධිර වාහිනී රෝග, සනාල රෝග සහ පිළිකා වගේ රෝග බොහොමයකට ප්‍රතිකාර කරන්න පුළුවන්.
පරණ DSA යන්ත්‍රය වසර 3කට වැඩි කාලයක් භාවිතා කරන්න බැරිව තිබුණා. ඒක වෙනුවට තමයි මේ නව යන්ත්‍රය දාලා තියෙන්නේ.
