විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව සහ අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය ප්‍රමාදයකින් තොරව විනාශ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුව රැස් වේ

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දාන්න ක්‍රියාත්මක කරන “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ රැස්වීමක් අද ජනාධිපති කාර්යාලයේදී මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

මෙහිදී වැඩි අවධානය යොමු වුණේ අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය ප්‍රමාදයකින් තොරව විනාශ කරන්න අවශ්‍ය නීති සංශෝධනය කිරීම ගැනයි. ඒ සඳහා අවශ්‍ය නව නීති සංශෝධනවල අවසන් අදියර ඉක්මනින් සම්පූර්ණ කරන්නත් සාකච්ඡා කර තිබෙනවා.

අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ කමිටුවේ යෝජිත නීති සංශෝධන සහ ඒ සඳහා වන නෛතික ක්‍රියාමාර්ගත් මෙහිදී ජාතික සභාවට ඉදිරිපත් කර තිබෙනවා.

එසේම, අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ඉක්මනින් විනාශ කිරීමේ වැදගත්කම ගැනත් මෙහිදී අවධාරණය කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ජාතික සභාවේ අදහස් සහ යෝජනාද ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ නව සංශෝධන ඉදිරියේදී නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට නියමිතයි.

Share This