බෙංගාල බොක්ක සුරැකීමේ මහා සමුළුව මීගමුවේදී ඇරඹේ!

බෙංගාල බොක්කේ සාගර සම්පත් ආරක්ෂා කරගෙන තිරසාරව පවත්වාගෙන යන්න අරමුණු කරගෙන පැවැත්වෙන ‘BOBLME II’ ව්‍යාපෘතියේ තෙවන කලාපීය මෙහෙයුම් කමිටු රැස්වීම අද මීගමුවේ ජෙට්වින් සී හෝටලයේදී ආරම්භ වුණා.

මේ සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල් කිහිපයක නියෝජිතයින් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

මෙහිදී සාකච්ඡා වුණේ මත්ස්‍ය සම්පත අධික ලෙස භාවිත කිරීම, සාගර දූෂණය සහ නීති විරෝධී ධීවර කටයුතු වගේ ගැටලු තනි රටකට විසඳන්න බැරි බවත්, ඒ සඳහා කලාපීය සහයෝගීතාව අත්‍යවශ්‍ය බවත් පිළිබඳවයි.

එසේම, විද්‍යාත්මක දත්ත මත පදනම්ව සාගර සම්පත් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාතික ධීවර ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරගෙන යන බවත් මෙහිදී සඳහන් වුණා.

මේ අතර, මැයි 21 සහ 22 දිනවල විදේශීය නියෝජිත පිරිස යාපනයේ මුහුදු කකුළුවන් වගා බිම් සහ මන්නාරමේ වෙඩිතලතිව් ස්වභාවික රක්ෂිතය නිරීක්ෂණය කිරීමටත් නියමිතයි.

Share This