විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නීතිමය සහ ප්‍රායෝගික ක්‍රමවේද සකස් කිරීම වෙනුවෙන් පත්කළ විශේෂ කමිටුවේ වාර්තාව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙත
විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නීතිමය සහ ප්‍රායෝගික ක්‍රමවේද සකස් කිරීම වෙනුවෙන් පත්කළ විශේෂ කමිටුවේ වාර්තාව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙත භාර දී ඇත. ඒ පිළිබදව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
උපුටා ගැනීම
මාධ්‍ය නිවේදනය
විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නීතිමය සහ ප්‍රායෝගික ක්‍රමවේද සකස් කිරීම වෙනුවෙන් පත්කළ විශේෂ කමිටුවේ වාර්තාව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙත භාර දී ඇත.
විදේශගතව සිටින ලක්ෂ 15කට අධික ශ්‍රී ලාංකිකයන්ට මෙරට මැතිවරණවල ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය නීතිමය හා ප්‍රායෝගික ක්‍රමවේද සකස් කිරීම පිළිබඳව මෙම වාර්තාව සකස් කර ඇත.
මෙම වාර්තාව භාරගැනීමෙන් අනතුරුව අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ද රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට දායක වීමේ අවස්ථාව ලබාදීම සාධාරණ කරුණක් බවයි.
මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර විවිධ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන 16කට පමණ අදාළ අදහස් මෙම වාර්තාවට ඇතුළත් කර ඇත.
මෙම වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර ඉදිරි පියවර ගැනීමට රජය සූදානම් වේ.
මෙම ක්‍රියාවලිය ප්‍රධාන අංශ 4ක් යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත:
- ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීම – විදේශගත ශ්‍රී ලාංකිකයන් (කම්කරුවන්, ශිෂ්‍යයන් හා අනෙකුත් පුරවැසියන්) ලියාපදිංචි කිරීම සඳහා ක්‍රමවේද.
- මැතිවරණ ප්‍රචාරණ කටයුතු – විදේශගත ඡන්දදායකයින්ට ප්‍රචාරණ කටයුතු පහසු කිරීම.
- ඡන්ද ප්‍රකාශ කිරීම – තැපැල් මඟින් හෝ ආරක්ෂිත online ක්‍රම මඟින් ඡන්දය ප්‍රකාශ කිරීම.
- ඡන්ද ගණන් කිරීම හා ප්‍රතිඵල නිකුත් කිරීම.
මෙම කමිටුව 2025 දෙසැම්බර් මාසයේදී පත් කර ඇති අතර, මාස 3ක් වැනි කෙටි කාලයක් තුළ සියලු පාර්ශ්වයන්ගේ අදහස් ලබාගෙන වාර්තාව සකස් කර ඇත.
විදේශගත පුරවැසියන්ට අමතරව, රට තුළ සේවය කරන ආරක්ෂක අංශ, පොලිසිය සහ වෙනත් අත්‍යවශ්‍ය සේවාවන්හි නියුතු පුද්ගලයින් සඳහා advance voting සහ mobile voting ක්‍රම හඳුන්වාදීම පිළිබඳවද අවධානය යොමු කර ඇත.
මෙම වාර්තාව ඉදිරියේදී මහජන අදහස් සඳහා විවෘත කිරීමට නියමිත අතර, එය රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි අපේක්ෂා කරයි.
උපුටාගැනීම අවසන්
