විදුලි බිල අඩුවෙනවා කප්පාදුව නැතිවෙනවා

ලංකාවේ දිගින් දිගටම තිබුණු කරන්ට් කැපිලි සහ අධික විදුලි බිල් ප්රශ්නයට ලොකු විසඳුමක් වෙයි කියලා හිතන අලුත් තාක්ෂණයක් පසුගිය මැයි 23 වැනිදා කොළඹ වරාය හරහා මෙරටට ගෙනවිත් තියෙනවා. ඒ තමයි ශ්රී ලංකාවේ පළමු වාණිජ මට්ටමේ මහා පරිමාණ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය, එහෙමත් නැත්නම් BESS කියන සිස්ටම් එක.
මේකෙන් වෙන්නේ දවල්ට සෝලා පැනල් වලින් නිපදවෙන, ඒ වෙලාවේ භාවිත නොවන අතිරික්ත විදුලිය විශාල බැටරි පද්ධති තුළ ගබඩා කරගැනීමයි. ඊට පස්සේ රෑට, විදුලි ඉල්ලුම වැඩිම වෙලාව වෙන හවස 6ත් රාත්රී 10ත් අතර කාලයේදී, ඒ ගබඩා කරපු විදුලිය නැවත ජාතික ග්රිඩ් එකට ලබාදෙනවා.
මේ වැඩේ පළමු අදියර යටතේ ගාල්ල සහ මාතර උපපොළවල් වලින් ආරම්භ කරන්න නියමිතයි. ඉදිරියේදී පන්නිපිටිය, කුරුණෑගල, කිලිනොච්චි, අම්පාර ඇතුළු දිවයින පුරා ප්රධාන ග්රිඩ් උපපොළවල් 16ක් මේ පද්ධතියට සම්බන්ධ කරනවා කියලයි සඳහන් වෙන්නේ.
ලෝක ප්රසිද්ධ චීන Sungrow සමාගමේ තාක්ෂණයෙන් නිර්මාණය කරන මේ පද්ධතිය නිසා, රෑට විදුලිය නිපදවන්න ඩීසල් බලාගාර වලට වැය කරන විශාල විදේශ විනිමය ප්රමාණයක් ඉතිරි කරගන්නත් රටට හැකියාව ලැබෙයි කියලා අපේක්ෂා කරනවා.
