ඉබෝලා පැතිරීම හේතුවෙන් අප්‍රිකානු රටවල් තුනකට කැනඩාවෙන් සංචාරක තහනමක්

ඉබෝලා රෝගය පැතිර යන තත්ත්වයත් එක්ක අප්‍රිකානු රටවල් තුනක ඉන්න අයට තාවකාලිකව කැනඩාවට එන්න බෑ කියලා කැනඩාව අඟහරුවාදා (26) කියලා තියෙනවා.

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, උගන්ඩාව සහ දකුණු සුඩානය කියන රටවල් තුනේ පදිංචිකරුවන්ට බදාදා (27) ඉඳන් දින 90ක් කැනඩාවට ඇතුල් වෙන්න තහනම් කරනවා කියලා කැනේඩියානු රජය සඳහන් කරලා තිබෙනවා.

ඒ වගේම, ඉබෝලා රෝගය කැනඩාවට ඇතුල් වෙලා එරට තුළ පැතිරීමේ අවදානම අඩු කරගන්න මේ තාවකාලික දේශසීමා පියවර ගත්ත බවත් ඔවුන් කියලා තිබෙනවා.

Share This