වැඩිමිලට කීරි සම්බා විකුණා ඇඹිලිපිටියේ කඩයකට ලක්ෂ 5ක දඩ කන්න වෙයි
නියම කරලා තියෙන මිලට වඩා වැඩියෙන් කීරි සම්බා සහල් විකුණපු ඇඹිලිපිටියේ වෙළඳසැලකට අධිකරණයෙන් ලක්ෂ 5ක දඩයක් ගහලා තියෙනවා.
පාරිභෝගිකයින්ට අසාධාරණ විදිහට වැඩි මිල දාලා ලාභයක් ගන්න උත්සාහ කළා කියලා, පාරිභෝගික අධිකාරිය මේක අධිකරණයට ගෙනිහින් තිබුණා.
අද (27) මේ නඩුව කැඳවූ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්තුමා මේ දඩය නියම කරලා තියෙනවා.
