වාහන ආනයනයේදී 50%ක අධිභාර බද්දක්

ආනයනය කරන වාහනවලට අදාළ රේගු ආනයන බදු මත නැවතත් 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයකට අනුව, අද (16) සිට මාස 3ක කාලයක් සඳහා මෙම අධිභාරය ක්‍රියාත්මක වෙනවා.
ඒත් මැයි 15 දිනට පෙර හෝ එදින ණයවර ලිපි (LC) විවෘත කර තිබෙන වාහන සඳහා මෙම නව 50% අධිභාරය බලපාන්නේ නැහැ.
මෙම 50% අධිභාරය පසුගිය අප්‍රේල් 1 වැනිදා සිට ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශය කලින් තීරණය කර තිබුණත්, එය නැවත අද සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.
