මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහට ඇප
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වවරයා ඇප මත මුදාහැරීමට පිළැස්ස මහේස්ත්‍රාත් ඩබ්ලිව්.එම්.එම්.අයි. වාසල මහත්මිය අද (20) නියෝග කර තිබෙනවා.
ඒ අනුව, රුපියල් 25,000ක මුදල් ඇපයක් හා ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු නිදහස් කිරීමට අධිකරණය තීරණය කර ඇත.
එමෙන්ම, ඔහුට විදෙස් ගමන් තහනමක්ද පනවා ඇති අතර, අදාළ නඩුව මැයි 11 වනදා නැවත කැඳවීමට නියමිතව තිබෙනවා.
වාහනයක් ලියාපදිංචි කිරීමේදී සිදුව ඇති බවට සැලකෙන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පසුගිය මාර්තු 27 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
