පිටකන්ද ගම්මානයට අකුණු වදින අභිරහස අහස කෝපවෙලාද?

අපි ඉන්නේ රත්නපුරේ අයගම පැත්තේ තියෙන පිටකන්ද කියන ගමක. ලස්සන කඳු, තේ වගා, කුරුඳු, කෝපි—මේවා තමයි අපේ ජීවිතේ. අපි අපේ මහන්සියෙන් ජීවත් වෙන සාමාන්‍ය මිනිස්සු.

හැබැයි අපේ ජීවිතේ ලොකුම ගැටලුවක් තියෙනවා…
අකුණු.

වැස්සක් ආවොත්, වෙන ගම්වල මිනිස්සුන්ට වගේ සැනසීමක් නෑ අපිට. අපිට ඒක බයක්. රෑට නිදාගන්නවත් බයයි, දවසේ වැඩ කරන්නවත් බයයි.

අපේ ගමේ අකුණු වැදිලා නැති ගෙයක් තියෙනවාද කියලා කියන්නවත් අමාරුයි. ගෙවල්ටත් වැදුනා, පාසලටත් වැදුනා, පන්සලටත් වැදුනා.

මේ වෙනකොට අකුණු වලින් අපේ ගමේ මිනිස්සු 8 දෙනෙක් ජීවිතේ අහිමි කරගෙන තියෙනවා. ඒක අපිට අමතක වෙන්න බැරි දෙයක්.

අපිට තවත්ම අමාරු වුණේ, මේ අවුරුද්දේ අප්‍රේල් 13. අවුරුදු උදාවට පැය කිහිපයක් තිබ්බ වෙලාවේ, අකුණු එකක් වැදීලා තවත් ජීවිතයක් ගියා. සතුට වෙන්න තිබ්බ දවසක් අපිට දුකක් වෙලා ගියා.

ඒකෙන් දවස් කිහිපයක් ගියාටත් පස්සේ, 23 වැනිදා පන්සලටම අකුණු වැදීලා, අපේ විහාරාධිපති හිමියන්වත් රෝහලට ගන්න වුණා.

අපි මේ ගැන කීප වතාවක්ම බලධාරීන්ට කියලා තියෙනවා. අපේ ඉල්ලීම ලොකු දෙයක් නෙවෙයි—
👉 අකුණු සන්නායක ටිකක් දාලා දෙන්න
👉 අපේ ජීවිත බේරලා දෙන්න

හැබැයි අද වෙනකම් ඒකට විසඳුමක් ලැබිලා නෑ.

Share This