පස්වන සහ හයවන සමාලෝචනයට IMF අනුමැතිය ලැබෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාවට ලබාදී තිබෙන විස්තීර්ණ ණය පහසුකමේ 5වන සහ 6වන සමාලෝචන දෙකම සම්පූර්ණ කරලා, ඒ සඳහා IMF විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබිලා තියෙනවා.
මේ තීරණය ගෙන තියෙන්නේ ඊයේ (27) පැවති IMF විධායක මණ්ඩල රැස්වීමේදීයි.
ඒ අනුව, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 695ක් ලබාගන්න නියමිතයි.
2023 මාර්තු මාසයේදී IMF විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 3ක විස්තීර්ණ අරමුදල් පහසුකමක් අනුමත කරලා තිබුණා.
ඒ වැඩසටහන යටතේ 5වන සහ 6වන සමාලෝචනත් දැන් අනුමත වෙලා තියෙනවා. IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා කියලා තියෙන්නේ, අභියෝගාත්මක තත්ත්වයක් තිබුණත් ශ්‍රී ලංකාව මේ වැඩසටහනේ නියමයන් හොඳින් ක්‍රියාත්මක කරගෙන යනවා කියලයි.
