තලපති විජේ මන්ත්‍රී අර්ච්චුනා තලපති විජේ හමුවෙන්න යයි

රාමනාදන් අර්ච්චුනා මහතා පවසන්නේ, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලු සහ අයිතිවාසිකම් වෙනුවෙන් Joseph Vijay මහතා හඬ අවදි කරන්න ඕනෙ.
මේ දිනවල Chennai නුවරට ගොස් සිටින අර්ච්චුනා මහතා, TVK පක්ෂයේ අමාත්‍යවරයෙකු වන Rajmohan මහතා හමුවීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත්, මේ දක්වා ඔහුට විජේ මහතා හමුවීමට අවස්ථාවක් ලැබී නොමැති බවත් වාර්තා වෙනවා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අර්ච්චුනා මහතා කියා සිටියේ, විජේ මහතා තමිල්නාඩු මහ ඇමති ලෙස දිවුරුම් දෙන අවස්ථාව සජීවීව දැකගැනීමට තමන්ට ලොකු කැමැත්තක් තිබුණත්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කටයුතු හේතුවෙන් ඒ සඳහා සහභාගී වෙන්න වුණේ නෑ.
තවද, මෙවර තමිල්නාඩුවේ ජනතාව විශාල දේශපාලන වෙනසක් සඳහා ඡන්දය ප්‍රකාශ කර ඇති බවත්, එවැනි වෙනසක් සිදුවනු ඇතැයි තමන් කලින්ම විශ්වාස කළ බවත් ඔහු සඳහන් කරනවා.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් තමිල්නාඩු නායකත්වය ඉදිරියේදී සක්‍රීයව කටයුතු කළ යුතු බවද අර්ච්චුනා මහතා අවධාරණය කර තිබෙනවා.
