චීවරධාරීන් විසිදෙදෙනාව මෙහෙය වූ අගුණුකොලේ අමිතානන්ද මිරිස්වත්තෙ පන්සලකින් අල්ලයි
කටුනායක ගුවන්තොටුපොළේ මත්ද්‍රව්‍ය එක්ක අල්ලපු චීවරධාරීන් 22 දෙනාගේ කේස් එකට සම්බන්ධ ප්‍රධාන සැකකාර චීවරධාරියා මැයි 2 වෙනිදා දක්වා දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අධිකරණය නියෝග කරලා තියෙනවා.ඔහු අද (27) මීගමුව අධිකරණයට ඉදිරිපත් කළාට පස්සේ තමයි මේ නියෝගය දීලා තියෙන්නේ.
කඩවත රම්මුතුගල පැත්තේ විහාරයක ඉන්න අමිතානන්ද කියන මේ චීවරධාරියා, තායිලන්තයෙන් ගෙනාපු මත්ද්‍රව්‍ය තොගය ගුවන්තොටුපොළේදී භාරගන්න බලාගෙන හිටියා කියලා කියනවා.ඒත් චීවරධාරීන් 22 දෙනා අල්ලපු වෙලාවෙම මේ ප්‍රධාන කෙනා පැනලා ගිහින්, මිරිස්වත්ත පැත්තේ සැඟවිලා හිටියා කියලාත් කියනවා. පස්සේ ඊයේ (26) පොලීසිය ඔහුව අල්ලගෙන තියෙනවා. තවද, වෛද්‍ය වාර්තා අනුව ඔහු අල්ලන වෙලාවෙත් මත්ද්‍රව්‍ය භාවිතා කරලා හිටියා කියලාත් හෙළි වෙලා තියෙනවා. ඒ වගේම, මේ 22 දෙනා තායිලන්තයට යවපු එකත් ඔහුමයි කියලාත්, ඔවුන් සම්බන්ධ කරගත් WhatsApp account එකත් ඔහුම පාලනය කරලා තියෙනවා කියලාත් අධිකරණයේදී අනාවරණය වෙලා තියෙනවා.මේ කේස් එකේ අල්ලපු මත්ද්‍රව්‍ය තොගය නම් රුපියල් කෝටි 110කට වඩා වටිනා “කුෂ්” සහ “හෑෂ්” කිලෝ 112ක්. ඒවා ගමන් මලු ඇතුළේ හුඟක් හොඳට සඟවලා මෙරටට ගෙනාවා කියලාත් කියනවා.
