අද කොළඹට ඇතුළුවන සියලු රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

“Walk for Peace” වැඩසටහනේ අවසාන දවස අද (28) කොළඹ කේන්ද්‍ර කරගෙන පැවැත්වෙනවා. ඒකට අදාළව පොලීසිය විශේෂ රථවාහන සැලැස්මක් දාගෙන තියෙනවා.
මේ වැඩසටහන සවස 4ට Independence Square (නිදහස් චතුරස්‍රය) ලඟ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන්න තියෙනවා.
ඒ නිසා අද උදේ 11ට පටන් ගත්තට පස්සේ කොළඹ නගරේ මාර්ග කිහිපයකම වාහන ගමන් කිරීම අවස්ථාව අනුව සීමා කරනවා කියලා පොලීසිය කියනවා.
බණ්ඩාරනායක වටරවුම, බොරැල්ල හන්දිය, මරදාන, ලිප්ටන් වටරවුම, හෝර්ටන් වටරවුම, ධර්මපාල මාවත, එෆ්.ආර්. සේනානායක මාවත, කන්නංගර මාවත, ගංගාරාම විහාරය අවට මාර්ග ඇතුළු කොළඹේ වැදගත් පාරවල් ගොඩක්ම මේකට ඇතුළත්.
ඒ නිසා අද දවසේ කොළඹට යනවා නම් ටිකක් traffic තියෙන්න පුළුවන්. හැකිතාක් වෙනත් (alternative) පාරවල් භාවිතා කරන්න කියලා පොලීසිය ජනතාවගෙන් ඉල්ලා තියෙනවා.
