එක්සත් ජනපදයට දරුණු හිම කුණාටු තත්ත්වයක්

එක්සත් ජනපදයට දරුණු හිම කුණාටු තත්ත්වයක්

එක්සත් ජනපදයේ පුළුල් ප්‍රදේශයකට සති අන්තයේදී බලපෑ ඇති හිම කුණාටු තත්ත්වය හමුවේ, කැන්සාස් සිට නිව් ජර්සි දක්වා ප්‍රාන්ත ගණනක මිලියන 60 ක පමණ ජනතාවක් ආවරණය වන පරිදි කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කුණාටු තත්ත්වය මේ වන විට අත්ලාන්තික් දෙසට ගමන් කරමින් ඇති බව සඳහන්.

මෙම අයහපත් කාලගුණය සම්බන්ධයෙන් වාර්තා වන්නේ අමෙරිකාව තුළ සුවිශේෂී වැඩ කටයුතු කිහිපයක් ම සිදුවීමට නියමිත කාල රාමුවකදී වීම විශේෂය.

ඒ අතර රිපබ්ලිකන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ලෙස වන පත්වීම සුවිශේෂී තැනක් ගනියි.

කෙසේ නමුත් රිපබ්ලිකන් හවුස් කථානායක මයික් ජොන්සන් ඊයේ ෆොක්ස් නිව්ස් වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ, පවතින කාලගුණය නීති සම්පාදකයින්ට ඔවුන්ගේ රාජකාරි ඉටු කිරීමට බාධාවක් නොවන බවයි. නමුත් අගනුවර පිහිටි ෆෙඩරල් කාර්යාල වසා දමන බව නිවේදනය කර තිබෙනවා.

විදෙස් වාර්තාවන්ට අනුව කැන්සාස් සහ වයඹ දිග මිසූරි හි ඇතැම් ප්‍රදේශ හිම කුණාටු තත්ත්වයන්ට දැඩිව මුහුණ දී ඇති අතර මාර්ග හිමවලින් වැසී යාම හේතුවෙන් ගමනාගමනයට දැඩි බාධා එල්ලව ඇති බව සඳහන්.

මිසූරි හි ප්‍රාන්ත පොලිසියට අනුව, ඊයේ දහවල් වන විට අතරමං වූ රියදුරන් 600 කට ආසන්න සංඛ්‍යාවක් පිළිබඳව වාර්තා වී ඇති අතර දැනට වාර්තා වී ඇති අනතුරු සංඛ්‍යාව 285 කට ආසන්නය.

එමෙන්ම දකුණු ඔහියෝ සිට වොෂින්ටනය දක්වා අඟල් හයත් 12ත් අතර සම්පූර්ණ හිම පතනයක් බලාපොරොත්තු විය හැකි බවත් සඳහන්.

ඒ අනුව ඉන්ඩියානාපොලිස්, සින්සිනාටි, වොෂින්ටන් සහ ෆිලඩෙල්ෆියා හි රජයේ පාසල් විවෘත නොකරන බවයි දැනුම් දී ඇත්තේ.

මීට අමතරව කුණාටුව හේතුවෙන් කැන්සාස් සිටි සහ ශාන්ත ලුයිස් යන දෙඅංශයේම 275 කට වැඩි සංඛ්‍යාවක් ඇතුළුව ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කර ඇති බවත් සඳහන්.

Share This