කේරළ ගංජා කිලෝග්‍රෑම් 213ක් සමග සැකකරුවන් දෙදෙනෙකු කොටු
රුපියල් මිලියන 30කට ආසන්න වටිනාකමක් ඇති කේරල ගංජා තොගයක් කරෙයිනගර්, කසුරිනා මුහුදු වෙරළේදී සොයාගෙන තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් ලබා දුන් බුද්ධි තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය සමග සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී යි.
ගංජා කිලෝග්‍රෑම් 213.899ක් හා බෝට්ටුවක් සමග සැකකරුවන් දෙදෙනෙකු ද එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් 27 සහ 33 යන වයස්වල පසුවන්නන් බව සඳහන්.
ඊයේ (11) දින කරෙයිනගර්, කසුරිනා මුහුදු වෙරළේදී අත්අඩංගුවට මෙම ගංජා තොගය සමග අදාළ සැකකරුවන් සොයාගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය විසින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.