අනවසර විදුලි වැටවල් ගැන කියන්න දුරකථන අංක දෙකක්

අනවසර විදුලි වැටවල් ගැන කියන්න දුරකථන අංක දෙකක්

මේ වසරේ ගත වූ කාලය තුළ අනවසර විදුලි වැටවල් සහ රැහැන් භාවිතය හේතුවෙන් වනඅලි මරණ 50ක් පමණ වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

වනඅලි සම්පත රැකගැනීම සඳහා විදුලි සැපයුම අනවසරයෙන් වැටවල්වලට හෝ රැහැන්වලට සම්බන්ධ කිරීම පිළිබඳව දැනුම් දෙන ලෙස එම මණ්ඩලය ඉල්ලා සිටිනවා.

ඒ අනුව 0112118767 දුරකථන අංකය ඔස්සේ හෝ හදිසි ඇමතුම් අංක 1987 යන දුරකථන අංක ඔස්සේ වහාම මේ සම්බන්ධව ලංකා විදුලිබල මණ්ඩලය දැනුවත් කරන ලෙස සඳහන්.

Share This