රජය ආනයනය කළ පළමු සහල් තොගය අද දිවයිනට

රජය මැදිහත්ව ඇණවුම් කළ පළමු සහල් තොගය අද (25) දිවයිනට ළඟා වන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.
ඒ අනුව අද(25) රාත්‍රීයේ මෙට්‍රික්ටොන් 780ක සහල් තොගයක් මෙරටට ළඟා වන බවයි එහි සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.
අද දින දිවයිනට ළඟා වන එම සහල් තොග හෙට (26) සිට බෙදා හැරීමට සැළසුම් කර තිබෙනවා.
මේ අතර සහල් ආනයනයට දී ඇති අවසරය ලබන මස 10 වැනි දා දක්වා දීර්ඝ කිරීමට පසුගියදා අමාත්‍ය මණ්ඩලය තීරණය කළා.