නින්ද හේතුවෙන් දක්ෂිණ අධිවේගයේ සිදු වූ අනතුර
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව අන්තර් හුවමාරුව ආසන්නයේ, 87 වන කිලෝමීටර් කණුව අසලදි අද (21) අළුයම වෑන් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් පුද්ගලයෙකු මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.
අනතුර සිදුව ඇත්තේ කොට්ටාව සිට ගාල්ල බලා ධාවන වූ වෑන් රථයේ රියදුරාට නින්දයෑමත් සමග ඉදිරියෙන් ගමන් කළ ලොරි රථයක පිටුපස ගැටීමෙන් බවයි වාර්තා වන්නේ.
අනතුරින් මියගොස් ඇත්තේ, වෑන් රථයේ ගමන් කළ 62 හැවිරිදි පුද්ගයෙකි.
තුවාල ලැබූවන් අතර කාන්තාවන් සිව්දෙනෙකු ද වන බව සඳහන්.
ඔවුන් ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.