තෙවන හා අවසන් එක්දින තරගයේ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දෙයි

තෙවන හා අවසන් එක්දින තරගයේ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දෙයි

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර නවසීලන්තයේ ඕක්ලන්ඩ්හිදී අද (11) පැවැත්වෙන තෙවන හා අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

දිවා – රාත්‍රී තරගයක් ලෙසින් මෙම තරගය ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයටද කිසිදු වෙනස්කමක් සිදුකර නැතත්, නවසීලන්ත කණ්ඩායමේ එක් වෙනසක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ජාකොබ් ඩෆී වෙනුවට මයිකල් බ්‍රැස්වෙල් කැඳවා ඇති බව සඳහන්.

මෙම තරගාවලියේ පළමු තරග දෙකම ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වීම නිසා ඔවුන් දැනටමත් තරගාවලියේ ජය තහවුරු කරගෙන අවසන්.

Share This