කතානායක ඉල්ලා අස්වෙයි

කතානායක ඉල්ලා අස්වෙයි

කතානායක අශෝක රන්වල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, තම අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ කිසිදු සාවද්‍ය ප්‍රකාශයක් සිදු නොකළ බවයි.

කෙසේ වෙතත් එම සුදුසුකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය ඇතැම් ලියකියවිලි මේ මොහොතේ තමන් සතුව නොමැති බවට අශෝක රන්වල මහතා අවධාරණය කරනවා.

ඒවා අදාළ ආයතනවලින් ලබා ගැනීමට සිදුව ඇති බවත් එය මේ මොහොතේ කඩිනමින් ඉදිරිපත් කිරීම දුෂ්කර වී ඇති බවත් ඔහු කියා සිටියා.

ආචාර්ය උපාධිය ලබාදුන් ජපානයේ වසීදා විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයෙන් ඊට අදාළ අධ්‍යාපන ලියකියවිල ඉදිරිපත් කිරීමේ හැකියාව පතින බවද ඔහු නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඒවා ඉතා කඩිනමින් ඉදිරිපත් කිරීමට අදහස් කරන බවයි, අශෝක රන්වල මහතා අවධාරණය කළේ.

කෙසේ වෙතත් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන ආණ්ඩුවත් තමන් කෙරෙහි විශ්වාසය තැබූ ජනතාවත් අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා දැනට දරන කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ  බවයි අශෝක රන්වල මහතා නිකුත් කළ නිවේදනයයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

 

Share This