නැන්දම්මාව ඝාතනය කළ බෑණා සියදිවි නසාගනියි
සිය බිරිඳගේ මව ඝාතනය කළ බෑණ ද සිය දිවිහානි කරගෙන ඇතැයි ඇහැළියගොඩ පොලිසිය පවසනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 73 හැවිරිදි කාන්තාවක් බව සඳහන්.
පසුගිය 27 වැනිදා තම නැන්දනිය ඝාතනය කළ මරණකරු යතුරු පැදියෙන් පළා ගොස් ඇති බවයි, පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
පසුදින පුද්ගලයෙකු ඉංගිරිය පොලිස් වසමේ නාච්චිමලේ ඇලක් අසල ගසක ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවට වන පුවතක් ලැබී තිබුණා.
ඒ අනුව සිදු කළ විමර්ශනවලදී අනාවරණ වූයේ, සිය නැන්දනිය ඝාතනය කළ බෑණා මෙලෙස මිය ගොස් ඇති බවයි.
ඉඩම් ආරවුලක් මෙම මරණවලට හේතුවක් වී ඇති බව සඳහන්.
ඇහැළියගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු අපරාධ අංශයේ නිළධාරින් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.