මර්වින් සිල්වාගේ හවුල්කරුවන් හය දෙනෙක් අත්අඩංගුවට

මර්වින් සිල්වාගේ හවුල්කරුවන් හය දෙනෙක් අත්අඩංගුවට

කැලණිය ප්‍රාදේශීය සභාවට අයත් ඉඩමක් සඳහා කූට ලේඛන සකස් කර රුපියල් මිලියන 75ක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (05) රාත්‍රියේදී හිටපු අමාත්‍ය මන්ත්‍රී මර්වින් ද සිල්වා මහතා ද අත්අඩංගුවට ගනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වන බව සඳහන්.

Share This