අගමැති හරිනි අමරසූරිය ACWF හි උප සභාපති හමුවෙයි

අගමැති හරිනි අමරසූරිය ACWF හි උප සභාපති හමුවෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ සමස්ත චීන කාන්තා සම්මේලනයේ (ACWF) උප සභාපති Zhang Dongmei මහත්මිය, අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී යි.

කාන්තාවන් සවිබල ගැන්වීම සහ සංවර්ධනය සඳහා වන අන්‍යෝන්‍ය උත්සාහයන් පිළිබඳව එහිදී ඔවුන් සාකච්ඡා කර තිබෙනවා.

කාන්තාවන්ගේ සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ආර්ථිකය කෙරෙහි දායකත්වය සඳහා වන අභියෝග හා අවස්ථා පිළිබඳවත්, කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය සහ බිම් මට්ටමේ නියෝජනය වැඩි කිරීම පිලිබඳවත් එහිදී අවධානය යොමු වූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ.

කාන්තා සංවර්ධනය පිලිබඳ චීනයේ ප්‍රගතියද සමස්ථ චීන කාන්තා සම්මෙිලනයේ උප සභාපතිනිය මෙහිදී ඉස්මතු කළා.

ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියාවේ අධ්‍යක්ෂ ජනරාල් රුවන්ති දෙල්පිටිය, අධ්‍යක්ෂ උදානි ගුණවර්ධන යන මහත්ම මහත්මින්, තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Share This