ජනපති හමුදා කැඳවයි

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා කටයුතු ඇති බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (27) පාර්ලිමේන්තුවට දැනුම්දුන්නා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම කැඳවීම සිදු කර ඇති බව සඳහන්.
ඒ සඳහා වන ගැසට් පත්‍රය මේ වනවිට නිකුත් කර ඇති අතර එය අද (27) සිට බලාත්මක වනු ඇති.