රන්වීර් – දීපිකා රඟන සංජේ ලීලා බන්සාලිගේ ‘පද්මාවත්’ හත්වන වසර සැමරීම වෙනුවෙන්, යළි තිරගත කිරීමක්

ලොව පුරා සිනමා රසවතුන් ආකර්ෂණය කළ, සංජේ ලීලා බන්සාලිගේ ‘පද්මාවත්’ එළඹෙන ජනවාරි 25 වැනිදාට, සිය හත්වන වසර සම්පූර්ණ කරනවා.
ඒ වෙනුවෙන් පෙබරවාරි 6 වැනිදා, චිත්‍රපටය යළි තිරගත කිරීමට නිෂ්පාදකයින් සැදී පැහැදී සිටින බවට ඉන්දියාවෙන් තොරතුරු වාර්තා වනවා.
රන්වීර් සිං, දීපිකා පදුකෝන් සහ ෂාහිඩ් කපූර් රංගනයෙන් දායක වන “පද්මාවත්” ලාංකීය සිනමා රසවතුන් අතර වඩාත් කතාබහට ලක්වුණු සිනමාපටයක් කිව්වොත් හරි.
බොහෝ මතභේදයන්ට තුඩුදුන් චිත්‍රපටය නිකුත් වුණේ, 2018 ජනවාරි 25.
වඩාත්ම මිල අධික ඉන්දියානු චිත්‍රපටවලින් එකල් ලෙසයි, පද්මාවත් සැලකෙන්නෙ.
ඒ වගේම එය බොහෝ සම්මානවලින් පිදුම් ලද සිනමා පටයක් ද වනවා.