සමූහ පිටුවහල් කිරීම් සඳහා මෙක්සිකෝව සූදානම්
අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පොරොන්දු වූ සමූහ පිටුවහල් කිරීම් යටතේ පිටුවහල් කරන මෙක්සිකානුවන් වෙනුවෙන්
යෝධ කූඩාරම් නවාතැන් ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා.
මෙක්සිකානු බලධාරීන් බලධාරීන් පවසා ඇත්තේ ජනපති ට්‍රම්ප් පොරොඳු වූ පරිදි අනවසර සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමට මුහුණ දීම සඳහා මෙම ඉදිකිරීම් සියුඩාඩ් ජුවාරෙස් නගරයේ ආරම්භ කර ඇති බවයි.
ඉදිරි දින කිහිපය තුළ එම ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂා කරන බව සඳහන්.
මෙම සියුඩාඩ් ජුවාරෙස් හි තාවකාලික නවාතැන්වල එකවර විශාල සංඛ්‍යාවකට නවාතැන් ගැනීමේ හැකියාව ඇති බවයි ඔවුන් පවසන්නේ.
එක්සත් ජනපදයෙන් සිදුවිය හැකි සමූහ පිටුවහල් කිරීම් නිසා මෙක්සිකානු ආර්ථිකයට බලපෑමක් ඇති කළ හැකි බවට බියක් ඇති කර තිබෙනවා.
මේ අතර ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් වාර්තාකරුවන්ට තහවුරු කර ඇත්තේ ජනාධිපති ට්‍රම්ප් අමෙරිකා එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාවට අතිරේක භටයින් 1,500 ක් යැවීමේ විධායක නියෝගයකට අත්සන් කළ බවයි.
දකුණු දේශසීමාව ආරක්ෂා කිරීම සහ අමෙරිකාවෙන් නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම එහි අරමුණ බවයි ඇය සඳහන් කර ඇත්තේ.
නිලධාරීන් දැනටමත් අමෙරිකා එක්සත් ජනපදය තුළ ලේඛනගත නොකළ පුද්ගලයින් 500 කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඉතා ඉක්මනින් ඔවුන් පිටුවහල් කරන බවත් ඇය සඳහන් කර තිබෙනවා.
ධවල මන්දිරයේදී වාර්තාකරුවන් සමඟ තවදුරටත් අදහස් දක්වමින් ඇය අවධාරණය කර ඇත්තේ, අමෙරිකා එක්සත් ජනපදයේ නීති කඩ කරමින් අමෙරිකාවේ රැඳි සිටීමට යමෙක් සිතන්නේ නම් , එය සිහිනයක්ම වනු ඇති බවයි.