ජපානයේ හෙද සත්කාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා රැසක්

විශේෂ නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන යටතේ (SSW) ජපානයේ හෙද සත්කාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා රැසක් ශ්‍රි ලාංකිකයින්ට ලැබී ඇති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
ඒ, කාර්යාංශය හා ජපානයේ IM Japan ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුවයි.
වයස අවුරුදු 18-35 අතර, තරුණ තරුණියන්ට මෙම රැකියා අවස්ථා නොමිලයේ හිමිවන බව සඳහන්.
වසර 5ක කාලයක් සඳහා මෙම රැකියා අවස්ථාවන් හිමිවන අතර, අවම වැටුප ලෙස රු.400,000.00කට අධික මුදලක් උපයාගත හැකියි.
ජපන් ජාතිකයින්ට හිමිවන සියළු වරප්‍රසාද මෙම රැකියාලාභීන්ටද හිමිවීම මෙම රැකියා කාණ්ඩයේ ඇති විශේෂත්වයක්.
මෙම රැකියා සඳහා අයදුම් කිරීමේදී ජපන් භාෂා දැනුම අනිවාර්ය වන අතර, JFT හෝ JLPT N4 මට්ටම හා කුසලතා පරීක්ෂණය සමත් කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම මේ සඳහා අයදුම් කළ හැකි වනවා.
අයදුම් කිරීම සඳහා උසස් පෙළ විභාගයට පෙනීසිටීම අනිවාර්ය වන අතර, ශරීරයේ Tattoo නොතිබීමද අනිවාර්ය අවශ්‍යතාවයක් ලෙසටයි සැලකෙන්නේ.
රැකියා අපේක්ෂිත ඉහත සුදුසුකම් සපුරන ලද තරුණ තරුණියන්ට කාර්යාංශ වෙබ් අඩවියේ ඇති වෙබ් ද්වාරය ඔස්සේ ලියාපදිංචි වීමට අවස්ථාව සලසා තිබෙනවා.