නමට තියන ආචාර්ය, මහාචාර්ය පට්ටම් ගලවන්න

දිලිත්ගෙන් යෝජනාවක් (වීඩියෝ)

නමට තියන ආචාර්ය, මහාචාර්ය පට්ටම් ගලවන්න

ඇතැම් මැති ඇමතිවරුන්ගේ නාමයන් ඉදිරියෙන් සඳහන් වන ‘ආචාර්ය, මහාචාර්ය, වෛද්‍ය’ යන විශේෂ පදවි සභාව ආමන්ත්‍රණයේදී ඉවත් කළ යුතු බවට අද (17) මැතිසබයේදී යෝජනාවක් ඉදිරිපත් වුණා.

සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා.

10 වන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස තේරී පත්වූ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට සුබ පැතුම් එක්කිරීමෙන් අනතුරුවයි ඒ මහතා මෙම යෝජනාව ඉදිරිපත් කළේ.

සභා ගර්භය තුළ එලෙස විශේෂන එක්කිරීම සමාජීය බෙදීමක් ලෙස පෙන්වා දුන් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේ, එම විශේෂණ ඉවත් කිරීම නිර්දන පංතියේ දේශපාලනයට ද යහපත් වන බවයි.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළකල සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා,

“මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරියෙන් තියෙන ආචාර්ය” මහාචාර්ය, වෛද්‍ය යන්න සභාවේ ආමන්ත්‍රණයේදී අයින් කරන්න යෝජනා කරනවා.. මේවා වෘත්තීන්.., සභාවේ ආමන්ත්‍රණයේදී මේවා අයින් කළොත් නිර්දන පංතියේ දේශපාලනයටත් හොදයි.. මොකද මේක සමාජය වෙන්කිරීමක්.. මේ පාර්ලිමේන්තුවේ විවිධ වෘත්තීන් කරන අය ඉන්නවා.. මහාචාර්යවරයා අදාල වන්නේ විශ්ව විද්‍යාලයට.. වෛද්‍යවරයා අදාල වන්නේ ඉස්පිරිතාලයට.. ඒ නිසා මහ යෝජනාවක් හැටියට කරනවා, සභාව තුළ එකිනෙකා ආමන්ත්‍රණය කරන විට ඉස්සරහින් තියෙන කෑලි ටික අයින් කළොත් හොදයි කියලා..”

Share This