INTERPOL විශේෂ දේශනයක් සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රංශයට
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී ෆෙඩ්රික් වුට්ලර් මහත්තයා අද (26) උදේ ප්‍රංශයට යන්න නියමිතයි.
ඒ, ලියෝන් නගරයේ පැවැත්වෙන ජාත්‍යන්තර පොලිස් සංවිධානය (INTERPOL) විසින් සංවිධානය කරන ගෝලීය සම්මේලනයකට සහභාගී වෙන්න.
එතනදි ඔහු ශ්‍රී ලංකාවේ පසුගිය කාලේ ඇතිවුණු ආපදා වෙලාවල්වලදී පොලිසිය ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩ කළ විදිහ ගැන විශේෂ දේශනයක් පවත්වන්නත් නියමිතයි.
මේ වගේ ජාත්‍යන්තර පොලිස් සම්මේලනයක විශේෂ දේශනයකට ආරාධනා ලැබූ ශ්‍රී ලංකාවේ පළමු පොලිස් මාධ්‍ය ප්‍රකාශකයාත් ඔහු කියලයි කියන්නේ.
මේ සම්මේලනය අප්‍රේල් 28 වෙනිදා ඉඳලා 30 වෙනිදා දක්වා පැවැත්වෙනවා.
