මට යුක්‍රේනය ආක්‍රමණය කිරීමට තිබුණේ මීට පෙරයි

ජනපති පුටින් රුසියානුවන්ට පවසයි

මට යුක්‍රේනය ආක්‍රමණය කිරීමට තිබුණේ මීට පෙරයි

රුසියාව, යුක්‍රේනයට පූර්ණ පරිමාණයේ ආක්‍රමණයක් දියත් කළ යුතුව තිබුණේ මීට ප්‍රථම බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා තිබෙනවා.

ඔහුගේ වසර අවසාන මාධ්‍ය හමුවට එක්වෙමින් ජනපති පුටින් පවසා ඇත්තේ, පසු විපරමකින් යුතුව, 2022 යුක්‍රේන ආක්‍රමණය සඳහා “ක්‍රමානුකූල සූදානමක්” තිබිය යුතුව තිබූ බවයි.

රුසියාව 2014 දී යුක්‍රේනයට හිමිව තිබූ ක්‍රිමියාව අල්ලා ගත් අතර, රුසියානු හිතවාදී හමුදා නැගෙනහිර යුක්‍රේනයේ ගැටුමක් ආරම්භ කළා.

නමුත්, පුටින් කියෙව් අල්ලා ගැනීමට උත්සාහ කළේ ඊට වසර අටකට පසුවයි.

මෙම ජාතිය ඇමතීම පැය හතරක් පුරා පවත්වා ඇති පුටින් සිරියාවේ බලයෙන් පහ කරන ලද නායකයා, රුසියාවේ වඩාත් ආක්‍රමණශීලී න්‍යෂ්ටික මූලධර්මය මෙන්ම දේශීය ගැටළු ගැන ද සාකච්ඡා කර තිබෙනවා.

“ව්ලැඩිමීර් පුටින් සමඟ වසරේ ප්‍රතිඵල” ලෙස නම් කරන ලද මෙම ජාතිය ඇමතීම රුසියාවේ ප්‍රධාන රාජ්‍ය රූපවාහිනී නාලිකා හරහා සජීවීව විකාශය කර ඇති අතර ජනපති පුටින් ඊට එක්වී ඇත්තේ යුක්‍රේනයේ ඈඳා ගත් කොටස් සහිත රුසියානු සමූහාණ්ඩුවේ සිතියමකින් සරසා ඇති විශාල නිල් තිරයක් ඉදිරිපිට සිටයි.

එහිදී ඔහු මහජනතාවගෙන්, විදේශීය මාධ්‍යවේදීන්ගෙන් සහ විශ්‍රාමිකයන්ගෙන් ලබුණු ප්‍රශ්නවලට පිළිතුරු දුන් නමුත් එය ඉතා හොඳින් පූර්ව සූදානමකින් යුතුවූ සහ දැඩි ලෙස පාලනය කරන ලද කටයුත්තක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මෙහිදී බීබීසී රුසියානු කර්තෘ ස්ටීව් රොසෙන්බර්ග් විසින් රුසියානු ජනපතිට ප්‍රශනයක් යොමු කර තිබෙනවා.

ඔහුගේ පූර්වගාමියා වූ බොරිස් යෙල්ට්සින් වසර 25 කට පෙර ජනපති පදවිය හැර ගිය අවස්ථාවට වඩා රට හොඳ තත්වයක පවතින බව ජනපති පුටින්ට හැඟෙනවාදැයි විමසූ විට, පුටින් පවසා ඇත්තේ රුසියාව එහි “ස්වෛරීභාවය” නැවත ලබාගෙන ඇති බවයි.

Share This