‘ජනාධිපති ප්‍රදානය’ රජයේ ආධාර වැඩසටහන පුවත් අසත්‍යයි

‘ජනාධිපති ප්‍රදානය’ රජයේ ආධාර වැඩසටහන පුවත් අසත්‍යයි

‘ජනාධිපති ප්‍රදානය’ යන මාතෘකාව යටතේ රජයේ ආධාර වැඩසටහනක් පිළිබඳ හුවමාරු වන ව්‍යාජ පුවතක් සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළේ, රාජ්‍ය ප්‍රතිපත්ති හා තීරණ සම්බන්ධ මෙවැනි අසත්‍ය ප්‍රවෘත්තීන් ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙසයි.

සෑම නිවසකටම රුපියල් 50,000 ක ආධාර මුදලක් ලබාදීමට ජනාධිපතිවරයා අනුමැතිය ලබාදී ඇතැයි පවසමින් ව්‍යාජ ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වුණා.

වැඩිදුර තොරතුරු ලබා ලෙස දක්වමින් ඒ සමඟ ව්‍යාජ සම්බන්ධතාවක්ද එක් කිරීමටයි කටයුතු කර තිබුණේ.

ආණ්ඩුව විසින් මෙවැනි තීරණයක් ගෙන නොමැති බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

Share This