''මං හින්දා තව කෙනෙක් කනවා බොනවා ඇතිනේ කියලා උපේක්ෂා සහගතව නිහඬ වෙනවා... එච්චරයි...'': පැතිරෙන කතාවලට චන්න උත්තර දෙයි

MonaraMonara

ඡායාරූප : facebook

එදා වගේම අදත් නොවෙනස් රූපයක් ඇතිව රිදී තිරය හැඩකරන ප්‍රේමවන්තයා, චන්න පෙරේරා...

චන්න කියන්නෙ කවදත් ජනප්‍රිය තරුවක්. ඒ වගේම කඩවසම් නළුවෙක්.

කාර්යබහුල ජීවිතයක් ගෙව්වත් ඔහු සිය ආදරණීය දියණියන් දෙදෙනා වෙනුවෙන් කාලය වෙන්කිරීමට අමතක කරන්නෙ නෑ...

''බොහෝ විට මම දරුවෝ දෙන්නා එක්ක සතුටින් ඉන්න සෙනසුරාදා දවස වෙන් කරගෙන ඉන්නවා.

ඒ දෙන්නා වෙනුවෙන් වෙන් කරන කාලය මම මොන විදිහකින්වත් වෙන දේකට යොදවන්නේ නැහැ.

ඒ දිනය ඒ වෙලාවම කියලා නැති වුණත් සතියකට දවසක් දෙකක්වත් මම ඒ දෙන්නා එක්ක සතුටින් ගත කරනවා.

ලොකු දුව විවාහ ගිවිස ගත්තා. එයා උපාධිය අවසන් කරලා ඉංග්‍රීසි දේශකවරියක් ලෙස වැඩ කරන අතරතුර ශාස්ත්‍රපති උපාධිය සඳහා

සූදානම් වෙනවා. පොඩි දුව ළඟදි සාමාන්‍ය පෙළ විභාගය කළා.''

MonaraMonara

දරුවන් වෙනුවෙන් සමීපව වැඩකටයුතු කළත් චන්න - ගයත්‍රි දෙන්නා වෙන් වෙන්නෙ මීට කාලයකට ඉහතදී. ඉතින් තාමත් කොල්ලා වගේ ඉන්න චන්නට ආයෙමත් විවාහ වෙන්න බැරිකමක් නෑ...

'...මම මේ විදිහට තනිකඩ ව ම ඉන්නවා.

මේ ජීවිතය හරිම නිදහසක් සැහැල්ලුවක් දැනෙනවා.

දරුවෝ දෙන්නායි, කලාවයි තමයි මගේ ජීවිතය.''

''මගේ ජීවිතයට නැවත කසාද බඳින්න හෝ වෙන කිසි ම කෙනෙක් ගැන එවැනි අදහසක්වත් නැහැ.

නමුත් අන්තර්ජාලය බැලුවා ම නම් චන්න පෙරේරා ගැන ඒ වගේ දේවල් ගොඩාක් තියෙනවා.

මං හිතන්නේ ඒ මම නෙවෙයි. වෙන චන්න පෙරේරා කෙනෙක් වෙන්න ඇති.''

MonaraMonara

ජනප්‍රිය චරිතවලට හැදෙන කටකතා සාමාන්‍ය දෙයක්නෙ. චන්නටත් එහෙමයි. සමාජ මාධ්‍ය තුළ ඔහු ගැන ඇහෙන කතා හරි සුලබ දෙයක්...

''මම දන්නේ නැහැ ඒවා කවුරු කොහොම නිර්මාණය කරනවාද කියලා.

මම ගැන මම නොදන්න බොහෝ දේ සමාජ මාධ්‍යවල තියෙනවා.

මමත් ඒවා දැන ගන්නේ ඒවායින්මයි.

කොහොම වුණත් මේ වගේ බොරු දේවල් හදලා දාලා එයාලා සමාජ මාධ්‍යවලින් කීයක් හරි හොයා ගන්නවා ඇතිනේ.

මං හින්දා තව කෙනෙක් කනවා බොනවා ජීවත් වෙනවා ඇතිනේ කියලා ඒ දේවල් ගැන මම උපේක්ෂා සහගත ව නිහඬ වෙනවා. එච්චරයි.''

(උපුටාගැනීම් රසඳුන - තුෂාරි කලුබෝවිල)

MonaraMonara

MonaraMonara