පාප්තුමන්ගේ අවසන් කටයුතු ලබන 26වැනිදා

පාප්තුමන්ගේ අවසන් කටයුතු ලබන 26වැනි සෙනසුරාදා දින සිදු කරන බව නිවේදනයක් නිකුත් කරමින්, වතිකානය සඳහන් කරයි.
එය ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව ඉතා චාම් සරලව සිදු කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.
සාමාන්‍යයෙන් පාප්වහන්සේගේ අවමංගල්‍ය කටයුතු වඩාත් විචිත්‍රවත්ව සාම්ප්‍රදායිකව සිදු කරනු ලබයි.
ළමු ෆ්‍රැන්සිස් පාප්කුමන් ඉතා චාම් සරල දිවි පැවැත්මකින් හෙබි වූ බව සඳහන්ය.
මෙතෙක් සිටි සෑම පාප් වහන්සේවරයෙකුම මිහිදන් කර ඇත්තේ සයිප්‍රස්, ඊයම් සහ ඕක්වලින් සෑදු මිනී පෙට්ටියක වුවත්, පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉල්ලා ඇත්තේ, සරල ලී පෙට්ටියක් තමන්ගේ දේහය තැන්පත් කරන ලෙසය.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය මිහිදන් කිරීමට ද නියමිතව ඇත්තේ උන් වහන්සේ වඩාත් ප්‍රිය කළ රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදීය.
ඒ, සියවසකට අධික කාලයක් පැවති සම්ප්‍රදාය වෙනස් කරමින්ය.
ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාව වතිකාන භූමියෙන් පිටත, ඉතාලියේ රෝම අගනුවර ටර්මෙනි ප්‍රධාන දුම්රියපොළ අසළ පිහිටා ඇති නමුත්, එම භූමියේ හිමිකම පවතින්නේ වතිකානය සතුවය.