හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අත්අඩංගුවට

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අත්අඩංගුවට

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාව පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළවයි.

හිටපු අමාත්‍යවරයා තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වෙයි.

රන් ආලේපිත මෙම ටී 56 වර්ගයේ ගිනිඅවිය පසුගිය අඟහරුවාදා පොලිසිය විසින් සොයා ගැණිනි.

ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලට අදාළව අනාවරණය කරුණු අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

Share This