ණය ශ්‍රේණිගත කිරීම්වලින් මෙරට ධනාත්මක වෙනසක්

ණය ශ්‍රේණිගත කිරීම්වලින් මෙරට ධනාත්මක වෙනසක්

ණය ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව සඳහන් කරමින් Fitch Ratings සමාගම විසින් මෙරට ණය ශ්‍රේණිගත කිරීම් සඳහා උසස්වීමක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව, දිගුකාලීන විදේශ විනිමය ණය නිකුත් ශ්‍රේණිය RD මට්ටමේ සිට CCC+ මට්ටම දක්වා උසස් කර ඇති බව සඳහන්.

එමෙන්ම දේශීය විනිමය ණය නිකුත් ශ්‍රේණිය CCC- සිට CCC+ දක්වා ඉහළ නංවා තිබෙනවා.

එම සමාගම පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාර්ථකත්වය වැඩි දියුණු කළ සාර්ව ආර්ථික සහ දේශීය මුදල් පැහැර හැරීමේ අවධානම අඩුකිරීම මෙමගින් පිළිඹිබු කරන බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව භාණ්ඩාගාර බැඳුම්කර සහ බිල්පත් බවට භාණ්ඩාගාර බිල්පත් සහ තාවකාලික අත්තිකාරම් හුවමාරු කර ගැනීමෙන් පසුව, ශ්‍රී ලංකාව 2023 සැප්තැම්බර් මාසයේදී සිය දේශීය ණය ප්‍රශස්තකරණයේ දේශීය මුදල් කොටස සම්පූර්ණ කරනු ලැබුවා.

Share This