මහජනතාවගේ මුදල්වලින් වැඩක් කරන්න
සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් උපදෙස්
මහජනතාවගේ මුදල් ගිණුම්වල රඳවාගෙන නොසිට, ඒවා නිසි පරිදි ජනයාගේ සේවාවන්ට වැය කළ යුතු බව සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පවසනවා.
එසේ නොකර වර්ෂ අවසානයේ වාර්තා සකස් කරන විට පමණක් ජනයා වෙනුවෙන් මුදල් වැය කර අවසන් බව පෙන්වීම අවැඩක් බවයි ඒ මහතා අවධාරණය කළේ.
වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
ඒ අනුව එම මුදල්වලින් 30% – 40%ක ප්‍රමාණයක් නැවත මහා භාණ්ඩාගාරය වෙත ආපසු යැවීමේ ක්‍රමය නතර කර ජනයාගේ සංවර්ධනය සඳහා මුදල් යොදා ගැනෙන විශේෂ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කරන බවයි උපාලි සමරසිංහ මහතා පැවසුවේ.
මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,
“දිස්ත්‍රික්කවල සංවර්ධන කටයුතු සඳහා වෙන් කෙරෙන මුදල් තම තමන්ගේ ආයතනික ගිණුම්වල අංශවල තියාගෙන ඉඳලා අවසන් දවස් කිහිපයේදී මුදල් වියදම් කර ගැනීමේ වුවමනාව වෙනුවෙන් ඒසී හයිකරන්න, කර්ට්න් ගන්න, පුටු සැටි ගේන්න වගේ වැඩවලට වියදම් කෙරෙනවා.. හැබැයි මහජනයාගේ මුදල් මහජනයාගේ අත්‍යවශ්‍ය සේවාවලට වියදම් වෙන්නේ නැහැ.. 2025 දී එහෙම වෙන්න බැහැ.. ලැබෙන සතයක්වත් ආපහු යවන්න බැහැ.. ඒ මුදල් අනිවාර්යෙන්ම මහජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් එක් එක් දෙපාර්තමේන්තු, සංස්ථා අධිකාරිවලින් ක්‍රියාත්මක කරන්න සැලසුම් කරපු සංවර්ධන කටයුතු සඳහා යොදවන්න අවශ්‍යයි.. සමහර රෝහල්වලට බෙහෙත් නෑ.. හැබැයි බෙහෙත්වලට වෙන් කරපු සල්ලි ආපහු ගිහින් තියෙනවා.. සමහර පාරවල් කැඩිලා.. හැබැයි පාරවල්වලට වෙන්කරපු සල්ලි ආපහු ගිහින් තියනවා. සමහර ඉස්කෝලවලට වැසිකිළි නෑ.. ආහාර නෑ.. හැබැයි ඒ වෙනුවෙන් වෙන්කරපු සල්ලි ආපහු ගිහින් තියෙනවා.. ඒ නිසා ඉදිරියේදී මෙවැනි කටයුතු ගැන මීට වඩා ක්‍රමවත්ව විධිමත්ව වැඩකරමු..”
මෙම අවස්ථාවට වවුනියාව දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරු, පොලිස් හා ආරක්ෂක අංශ ප්‍රධානීන්, දිස්ත්‍රික් හා පළාත් රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් ඇතුළු නිලදාරීන් රැසක් සහභාගි වී සිටියා.